- පෙ.ව 7.15 වන විට පාසලට පැමිණිය යුතුය.
- පාසලේ සීනුවට හැම විටම අවනත විය යුතුය.
- පාසල් සිසුවියකට ගැළපෙන පරිදි කොණ්ඩය අගටම ගොතා, නවා කළු රිබන් බැදිය යුතුය. කොණ්ඩය කපනවානම් කොටට කැපිය යුතුය.
- නිළ ඇඳුම දණහිස දක්වා දිගු විය යුතුය.ඉන නියමිත තැන විය යුතු අතර,කර නිවැරදී ප්‍රමාණයට විය යුතුය. පාසල් ලාංජනය පැළදිය යුතුය.
- ශිෂ්‍යයන් සඳහාද අනුමත නිළ ඇඳුම නියම ආකාරයෙන් විය යුතුය.
- ශිෂ්‍යයන් කලු සපත්තු ද ශිෂ්‍යාවන් සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය.
- නියපොතු කොටට කැපිය යුතුය.වර්ණ නොකළ යුතුය.
- ඇහි බැම වර්ණ නොකළ යුතුය.
- කරාබු (එල්ලෙන / පාට) මුදු, මාල, විවිධ කොණ්ඩ කටු වර්ග, Friendship Band,පාට පාට අත් ඔරලෝසු නොපැළදිය යුතුය. ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්ය.
- පාසල නියෝජනය කරන සියලු අවස්ථාවන් වලදී පාසලේ නිළ ඇඳුමකින් සැරසි සිටිය යුතුය.
- පාසලින් ඉවත් වූ පසුවද පාසලට පැමිණෙන විටද සුදුසු ඇඳුමකින් සැරසී ආ යුතුය.
- පෙළ පොත් හා අභ්‍යාස පොත් කවර දමා පිරිසිදුව තිබිය යුතුය.
- ශිෂ්‍ය වාර්තා පොතෙහි ඇතුලත් කරන ලකුණු හෝ සටහන් කිසිවක් වෙනස් නොකළ යුතුය. ලකුණු ඇතුලත් කිරීම් කිසිවක් ශිෂ්‍යා / ශිෂ්‍යාව විසින් නොකළ යුතුය.
- තමන්ට නියමිත පන්ති කාමර හා අවට පිරිසිදුව තබා ගත යුතුය.
- පානය සඳහා වතුර බෝතලයක් රැගෙන ආ යුතුය.
- විවේක කාලයේදී පමණක් ආහාර ගත යුතුයි.
- කෑම හෝ වෙනත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගේට්ටුව වෙත නොයා යුතුය.
- ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්ති කාමරයෙන් පිටතට යන විට අවසර පත්‍රයක් රැගෙන යා යුතුය.
- පුස්තකාලය නිසි ලෙස පරිහරණය කළ යුතු අතර, ලබා ගන්නා පොත් නියමිත ලෙස භාර දිය යුතුය.
- පාසල් වේලාවෙන් පසු පැවැත්වෙන අතිරේක පන්ති හා පුහුණුවීම සඳහා සහභාගී විය යුතුය.ඒබව ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් තබාගත යුතුය.
- ජාතික ගීය ,පාසල් ගිය නිවැරදිව ගෞරවාන්විතව ගායනා කළ යුතුය.
- ශරීර සුවතා ව්‍යායාම නිවැරදිව උනන්දුවෙන් කළ යුතුය.
- පාසලේදී මෙන්ම බැහැරදී,පාසලේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතුය.
- පාසල සතු සියලු භෞතික සම්පත් හැම විටම ආරක්ෂා කළ යුතුය.සියලුම ගුරු මහ මහත්මීන්ට එක හා සමානව ගෞරව කළ යුතුය.
- සියලුම සහතික නිකුත් කරනු ලබන්නේ සිකුරාදා දිනවල පමණි.
- හදිසි අවස්ථාවකදී හැර දෙමව්පියන්ට විදුහල්පතිතුමා හමුවිය හැක්කේ බ්‍රහස්පතින්දා ප.ව.1.30 පසුවයි.





